මාළිගාවටත් ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේය.
පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.
එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.
ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.
පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.