බිම සිට දොරකඩ ඉහළ දක්වා කෙරුබ් සහ තල්ගස්ද මාළිගාවේ භිත්තියෙහි සාදා තිබුණේය.
කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.
රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.