දොරකඩට ඉහළින්ද ඇතුල් ගෘහය දක්වාද පිටතින්ද වටකරම ඇතුළ සහ පිට මුළු භිත්තියද මැන්නේය.
ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;
කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.
ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.