නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේද වෙන්වූ මළුවේද පළල රියන් සියයක්ය.
බස්නාහිර පැත්තෙහි වෙන්වූ මළුවට ඉදිරිපිට තිබුණු ගොඩනැගිල්ලේ පළල රියන් සැත්තෑවක්ය; ඒ ගොඩනැගිල්ලේ භිත්තියේ පළල වටකරම රියන් පහක්ය, ඒකේ දිග රියන් අනූවක්ය.
ඔහු ගෘහයත් මැන්නේය, එහි දිග රියන් සියයක්ය; වෙන්වූ මළුවේද එහි තිබුණු ගොඩනැගිල්ලේද ඒකේ භිත්තිවලද දිග රියන් සියයක්ය;
වෙන්වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටි පස්සෙන් තිබුණු ගොඩනැගිල්ලේ දිගද දෙපැත්තෙහි තිබුණු ඒකේ පිට-ශාලාද මැන්නේය, ඒවා රියන් සියයක්ය;
මක්නිසාද පිට-මළුවේ කාමරවල දිග රියන් පනහක්ය. නුමුත් මාළිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග රියන් සියයක්ය.