ගෘහයට පිටතින් වටකරම තාප්පයක් තිබුණේය, ඒ මනුෂ්‍යයාගේ අතේ හරියනක් දිග ඇති දණ්ඩක් විය, එහි රියනක දිග රියනකුත් අල්ලක්ය. එවිට ඔහු ගොඩනැගිල්ලේ පළල මැන්නේය, ඒක එක දණ්ඩක්ය; උසත් එක දණ්ඩක්ය.
යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.
ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.
නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.
වටකරින් ගෘහයේ උස දුටිමි; කාමරවල අත්තිවාරම මුළු දණ්ඩක්වූ සම්පූර්ණ රියන් හයක්ය.
ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.
ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.
රියන් වශයෙන් පූජාසනයේ මිමි මේවාය: (ඒ රියනට රියනකුත් අල්ලක්ය.) ඒකේ අඩියේ උස රියනක්ය, පළලත් රියනක්ය, වටකර ඒකේ ගැටිය අද්දර දක්වා එක වියතක්ය. මේක පූජාසනයේ අඩියය.
මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.
(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)
මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය.