ඔහු ගෘහයේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේය, එක පැත්තක රියන් පහක්ය, අනික් පැත්තෙහි රියන් පහක්ය. දොරටුවේ පළල එක පැත්තක රියන් තුනක්ය, අනික් පැත්තෙහි රියන් තුනක්ය.
ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.
ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.
දොරවලට දෙපියන් එනම් හැරෙන පියන් දෙකක් තිබුණේය; එක දොරකට පියන් දෙකක්ද අනික් එකට පියන් දෙකක්ද තිබුණේය.
පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය.
එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේය, එය රියන් දෙකක්ය. දොරකඩ රියන් හයක්ය; දොරකඩ පළල රියන් සතක්ය.