Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 40:36

Sinhala Revised Old Version

ඒක සහ ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද මැන්නේය; වටකරම ඊට කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

ජනේල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.

ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.

ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය.

ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.

එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්