ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවල දෙපැත්තෙහි තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේය.
ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.
ඒකේ කවුළුද ඒකේ ශාලාද තල්ගස්ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය; පඩි සතකින් ඒකට නැංගෝය; ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය.
ඒකට නැගීමට පඩි සතක් තිබුණේය, ඒකේ ශාලාද ඒවා ඉදිරිපිට තිබුණේය. ඒකට තල්ගස් එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් ඒකේ කණුවල (කැටයම්කර) තිබුණේය.
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවලට තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේ ය.
ශාලාවේ දිග විසි රියනක්ය, පළල එකොළොස් රියනක්ය; පඩි දසයකින් ඒකට නගින්නෝය. කුළුනුවලට කණු එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් තිබුණේය.
එවිට ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට ඇවිත් ඒකේ පඩිවලින් නැගී එළිපත්ත මැන්නේය, ඒකේ පළල එක දණ්ඩක්ය. එක එළිපත්තක පළල එක දණ්ඩක්ය.