ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
ජනේල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.
එකල හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල්ගෙවල් පිළියෙළකරන්ට අණකෙළේය; ඔව්හු එසේ පිළියෙළකොට,
පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය.
එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි.
එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒ තුනටම තිබුණේ එක මිම්මය. එක එක පැත්තේ කණුවලටත් තිබුණේ එක මිම්මය.
මුර-ගෙවල් ඉදිරිපිට එක රියනක ඉමක් තිබුණේය, අනික් පැත්තෙහි එක රියනක ඉමක් තිබුණේය; කාමරයකට එක පැත්තකින් රියන් හයක්ද අනික් පැත්තෙන් රියන් හයක්ද තිබුණේය.
ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.
ඒ කවුළු වාගේ වටකරම මේකටත් මේකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
ඒක සහ ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද මැන්නේය; වටකරම ඊට කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.