Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 40:27

Sinhala Revised Old Version

ඇතුල් මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබුණේය. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේය, එය රියන් සියයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔහුද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේය, නැගෙනහිරටත් උතුරටත් රියන් සියයක් තිබුණේය.

උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුල් මළුවට දොරටුවක් තිබුණේය, නැගෙනහිරටත් එසේමය; ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේය, එය රියන් සියයක් විය.

එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුල් මළුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට දොරටුව මැන්නේය;

ඔහු උතුරු දොරටුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට,

ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.

එවිට ඔහු මළුව මැන්නේය, දිග රියන් සියයක්ය, පළල රියන් සියයක්ය, ඒක සතරැස්ව තිබුණේය; පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්