ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය.
ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.
ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවල දෙපැත්තෙහි තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේය.