Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 40:12

Sinhala Revised Old Version

මුර-ගෙවල් ඉදිරිපිට එක රියනක ඉමක් තිබුණේය, අනික් පැත්තෙහි එක රියනක ඉමක් තිබුණේය; කාමරයකට එක පැත්තකින් රියන් හයක්ද අනික් පැත්තෙන් රියන් හයක්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔහු දොරකඩ පළලත් මැන්නේය, ඒක දස රියනක්ය; දොරටුවේ දිග දහතුන් රියනක්ය.

ඔහු එක කාමරයක පියස්සේ සිට තවත් එකක පියස්ස දක්වා දොරටුව මැන්නේය; දොරකඩකට ඉදිරිපිට දොරකඩක් වශයෙන් පළල විසිපස් රියනක්ය.

ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.

ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.

දොරටුවල කණු ළඟ කාමරයක්ද ඒකේ දොරකඩක්ද තිබුණේය; එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිසය.

එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්