තවද නුඹ තිරිඟුද යවද මෑද කොල්ලුද කුරක්කන්ද තණහාල්ද රැගෙන එක භාජනයක තබා, එයින් රොටි සාදාගන්න; නුඹේ අංශයට නුඹ හාන්සිවෙන දවස් ගණන වන තුන්සිය අනූ දවසක් ඒවා කන්න.
එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළුකෙළේය.
නුමුත් තිරිඟු සහ තණහාල් නොවැඩී තිබුණු බැවින් ඒවා නාස්ති නොවීය.
ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?
මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහිදී තමුන්ගේ අපවිත්‍රවූ කෑම කනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කීසේක.
තවද උන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට කෑමද වතුරද නැතුව ගොස්; එකිනෙකා සමඟ විස්මයට පත්ව, තමුන්ගේ අයුතුකම නිසා ක්ෂයවී යන පිණිස,