Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 4:1

Sinhala Revised Old Version

තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

මක්නිසාද මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය.

මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය.

මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජුගේ කඩුව එන්ට මාර්ග දෙකක් නියමකරගන්න; ඒ දෙකම එක දේශයකින් පැමිණෙන්නේය. අත් ලකුණක් තබන්න, නුවරට පැමිණෙන මාර්ග සන්ධියෙහි ඒක පිහිටුවන්න.

ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.

පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්