ඉශ්‍රායෙල් කඳු පිටට නුඹ පමුණුවා, නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසාදමා නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක.
කොල්ලගත් කඳුවල සිට ඔබ තේජෝමහිමයෙන් යුක්තවනසේක.
මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝගේ හස්තය මම බින්දෙමි; කඩුව අල්ලන්ට ඒක සවිවෙන පිණිස සුවකරන ඖෂධ දමා, ඒක බැඳීමට පටියක් දමා, ඒක බැන්දේ නැත.
මම නුඹ හරවා, නුඹ ඇද, උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්,
ඒ දවසේ යෙස්‍රෙයෙල් මිටියාවතේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දුන්න බිඳින්නෙමියි කීසේක.
දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.