එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට ජීවත්වේදැයි මාගෙන් ඇසූසේක. මමද: ස්වාමිවූ දෙවියන්වහන්ස, එය දන්නේ ඔබයයි උත්තරදුනිමි.
ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වැසියන් නැති නුවරවල් මෙන් මා විසින් නුඹ පාළු නුවරක් කර, මහත් ජලවලින් නුඹ වැසී යන ලෙස ගැඹුර නුඹ පිටට පමුණුවන කල,
උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලැස්සූසේක. එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙනවා දුටිමි; ඒවා හොඳටම වියළී තිබුණේය.
මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.
දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද?
(නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
නුමුත්: මළවුන් නැගිටින්නේ කෙසේද? ඔව්හු කොයි ප්‍රකාර ශරීරයක් ඇතුව එද්දැයි යමෙක් අසනවා ඇත.
අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!
ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.
මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.
ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට පමුණුවනසේක, එයින් නැගුටුවන සේක.