Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 37:18

Sinhala Revised Old Version

නුඹේ සෙනඟගේ පුත්‍රයන් නුඹට කථාකොට: මේවායින් නුඹ හඟවන්නේ කිමෙක්ද කියා නුඹ අපට නොදන්වන්නෙහිදැයි නුඹෙන් ඇසුවාම,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්‍රායෙල් වංශය–නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද?

මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.

එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.

සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය.

මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,

නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්