මාගේ බැටළුවෝ නුඹලාගේ පාදවලින් පෑගුවාවූ ඒවා කති, නුඹලාගේ පාදවලින් කිලුටුකළ ඒවා බොති.
දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.
මා විසින් ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස්කළ කල්හි, මිහිරි සුවඳක්කොට නුඹලා පිළිගෙන, නුඹලා කරණකොටගෙන ජාතීන් ඉදිරියෙහි මා පිරිසිදු බව පෙන්වන්නෙමි.
නුඹලා හොඳ තෘණ කා, නුඹලාගේ තෘණවලින් ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් පාගාදමන එකත් පැහැදුණු වතුර බී ඉතුරු ඒවා නුඹලාගේ පාදවලින් කිලුටුකරන එකත් නුඹලාට සුළු දෙයක්ව පෙනේද?
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.