එසේවී නුමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාදකළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත, නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ; අවවාදයට ද්වේෂකරන්නා නසින්නේය.
බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය.
නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; නුඹද නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය.
දේශය පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනඟට දැන්වූ කල්හි,
හොරණෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණ පහකළොත්, ඔහුගේ ලේ තමාගේම හිස පිට වන්නේය.
නුමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහකරන්ට යෙදුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා පහකරනු ලැබේ, නුමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අයකරන්නෙමියි කියන්න.
තමාගේ ස්වාමියාගේ කැමැත්ත දැනගනත් සූදානම් නොකළාවූ, ඔහුගේ කැමැත්ත ලෙස නොකළාවූ දාසයා බොහෝ පහර ලබන්නේය.
එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.
එබැවින්: හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්; මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි, ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශකළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි
අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.
එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි.
ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?