එවිට මම නුඹ බිම දමා, පොළෝතලය මතුපිට හෙළා, ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට ලගින්ටත් මුළු පොළොවේ සත්වයන් නුඹෙන් තෘප්තියට පැමිණෙන්ටත් සලස්වන්නෙමි.
ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.
ඔබ ලෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට භෝජන පිණිස දුන්සේක.
නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.
ඒවා කඳුවල ගිජු පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් එකසේ අත්හරිනු ලබන්නේය. ඒවා අතරෙහි පක්ෂීහු ග්‍රීෂ්ම කාලයද ඒවා අතරෙහි පොළොවේ සියලු මෘගයෝ ශීත කාලයද පසුකරන්නෝය.
ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.
ස්වාමීන්වහන්සේගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.
ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.
මම නුඹ සහ නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන්ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. නුඹ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. නුඹ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි.
මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත.
යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.