Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 32:32

Sinhala Revised Old Version

මක්නිසාද ඔහුගේ භීතිය ජීවතුන්ගේ දේශයෙහි ඉපදෙවූවෙමි. ඵාරාවෝද ඔහුගේ මුළු සමූහයාද කඩුවෙන් මැරුම්කෑ අයින් සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්‍රයන් ලුහු නොබැන්දෝය.

මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.

දසවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දොළොස්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට නැවත පැමිණ කියනුයේ:

තවද එකොළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

වැටී තමුන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූද තමුන්ගේ කඩු තමුන්ගේ හිස යට තබාගත්තාවූද තමුන්ගේ අපරාධ තමුන්ගේ ඇට පිට ඇත්තාවූද අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝය; මක්නිසාද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක්ව සිටියෝය.

ඵාරාවෝ සහ මුළු සේනාවද කඩුවෙන් මැරුම්කෑ විට, ඵාරාවෝ අනික් අයින් දැක, තමාගේ මුළු සමූහයා ගැන සැනසෙන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:

එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.

ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්