කඩුවෙන් මැරුම්කන අය අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඈ කඩුවට භාරදී තිබේ. ඈ සහ ඇගේ සියලු සමූහයන් අහකට ඇදගන්න.
තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.
මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
ජාතීන් අතරේ ඔහුගේ සෙවනෙහි වාසයකළාවූ, ඔහුගේ හස්තයව සිටියාවූ තැනැත්තෝද කඩුවෙන් මැරුම්කෑ අය ළඟට ඔහු සමඟ පාතාලයට බැස්සෝය.