ඔවුන්ගේ ජලවල් බැසයන්ටත් ඔවුන්ගේ ගංගා තෙල් මෙන් ගලායන්ටත් සලස්වන්නෙමි.
මම එහි සියලු මෘගයන් මහත් ජලවල් ළඟින් නැතිකරන්නෙමි; මනුෂ්‍යයන්ගේ පාදයට ඒවා තවත් නොකැලඹෙන්නේය, මෘගයන්ගේ කුරවලටත් ඒවා නොකැලඹෙන්නේය.
මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.