එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය.
තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.
ඔව්හු ඔහුට කථාකොට: මෙහි ඔබගේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පනස් දෙනෙක් සිටිති; ඔව්හු ගොස් ඔබගේ ස්වාමියා සොයත්වා. සමහරවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු ගෙනගොස් යම් කිසි කන්දක් පිටවත් යම් කිසි මිටියාවතකවත් දමන්ට ඇතැයි ඔහුට කීවෝය.
උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
එවිට ස්වාමීන්වහන්සේගේ තේජස කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත මතුයෙහි නැවතුණේය; ගෘහය වලාකුළෙන් පිරුණේය, මළුවද ස්වාමීන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේය.
තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.
උන්වහන්සේ මට කථාකළ විට ආත්මය මා තුළට ඇතුල්වී, මා නැගුටුවා සිටෙවුවේය; මට කථාකළ තැනන් වහන්සේගේ වචනද මට ඇසුණේය.
වහල්ව සිටින නුඹේ සෙනඟගේ පුත්‍රයන් ළඟට ගොස්–ඔවුන් අසතත් නොඅසතත්–ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්නැයි කීසේක.
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
ස්වාමීන්වහන්සේගේ තේජස නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුල්විය.
එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි.
උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය.
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස එය නැවති තිබුණු ස්ථානය වන කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත ළඟට ගොස්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටිය මනුෂ්‍යයාට මොරගැසීය.
තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.
මම ස්වාමීන්වහන්සේගේ දවසේදී ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි.
උන්වහන්සේගේ පාද උදුනක ගිනියම්කළ දිලිහෙන පිත්තල මෙන්ය; උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය.
එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,