Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 27:7

Sinhala Revised Old Version

නුඹට කොඩියක් කොට නුඹ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; නුඹේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය.

සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රංචුවක් රංචුවක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.

යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිවරු සහ රොදානිවරුය.

නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;

මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.

තවද හණ පීරන කර්මාන්තකාරයෝද සුදු රෙදිවියන්නෝද ලජ්ජාවට පත්වන්නෝය.

තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.

විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්