නුඹ ගැන තමුන්ගේ හඬ පවත්වා, ශෝකයෙන් මොරගසා, තමුන්ගේ හිස් පිට ධූලි හෙළාගන, අලුවල පෙරළී සිටින්නෝය.
තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.
ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.
එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණවී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.
මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.
සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.
ඔව්හු නුඹ ගැන විලාපයක් කියමින්: මුහුදේ යාත්‍රාකරන්නන් විසුවාවූ ප්‍රශංසා ලැබූ නුවරව, මුහුදෙහි බලවත්ව සිටියාවූ නුඹ විනාශවූ හැටි! ඈ සහ එහි වැසියෝ තමුන්ගේ භයානකකම එහි විසූ සියල්ලන් කෙරෙහි තැබුවෝය.
ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.
ගාත්හි එය නොදන්වව්, අක්කොවෙහි නාඬව්. බෙත්-ලෙ-අප්‍රාහි දූවිල්ලේ පෙරළී ඉඳින්න.
බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.