ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍රද නිල් සහ විසිතුරු සළුද නොයෙක් පාට ඇති වස්ත්‍ර පිරෙවුවාවූ, ලනුවලින් බැන්දාවූ කිහිරි ලී පෙට්ටිද නුඹේ වෙළඳාම්පළෙහි වෙළඳාම්කළෝය.
එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.
හාරාන්හිද කන්නෙහිද එදෙන්හිද මනුෂ්‍යයෝ වන ෂෙබාහිත් අෂූර්හිත් කිල්මද්හිත් වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිටියෝය.
නුඹේ වෙළඳාම් බඩු ගෙනගියේ තර්ෂිෂ්හි නැව්වලින්ය. නුඹ පිරී, මුහුද මැද ඉතා කීර්තිමත්ව සිටියෙහිය.