ඔවුන් සියල්ලෝම නීල වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝ වන මුලාදෑනියෝව, ප්‍රිය වඩන යෞවනයෝව, අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි තැනැත්තෝය.
ඈ අසල්වාසීවූ අලංකාර වස්ත්‍ර ඇන්දාවූ ආණ්ඩුකාරයෝව මුලාදෑනියෝව අශ්වයන් පිට නැගීයන අසරුවෝව සිටි අෂූර්වරුන් කෙරෙහි ආලයවුණාය, ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය.
ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.
ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.