ඒක ඉදිරිපිට පිළියෙළකරනලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍යද මාගේ තෙල්ද තැබුවෙහිය.
එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ.
උස්වූ උසස්වූ කන්දක් උඩ නුඹේ යහන නුඹ තබාගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට නුඹ නැගී ගියෙහිය.
නුමුත් ස්වාමීන්වහන්සේ, අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි,
අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.
පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.
ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.
ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
ඔවුන් උකසට ගත් වස්ත්‍ර සියලු පූජාසන ළඟ එළාගන ඉඳිති, දඩගැසුම් කෑ අයගේ මුද්‍රිකපානයද තමුන්ගේ දෙවිවරුන්ගේ ගෘහයේදී බොති.
ඇත්දත් ඇඳන්වල සැතපෙන්නාවූ, තමුන්ගේ යහන්වල දිගාවී ඉන්නාවූ, රැළෙන් බැටළුපැටියන්ද ගාලෙන් වස්සන්ද කන්නාවූ,
මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පුකිරීමෙන්ය. එහෙත්; අපි කුමකින් ඔබ අපවිත්‍රකෙළෙමුදැයි නුඹලා අසන්නහුය. ස්වාමීන්වහන්සේගේ මේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය.
නුමුත් ඔහු අකැමැතිව: මම නොකමියි කීය. නුමුත් ඔහුගේ සේවකයෝද ඒ ස්ත්‍රීද ඔහුට පෙරැත්තකළ නිසා ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී බිමින් නැගිට ඇඳේ හිඳගත්තේය.