මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියා, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: කඩුවක්ය, කඩුවක්ය, ඒක මුවහත්කර මැදලාත් තිබේයයි කියන්න.
ඔහු ඒක අදින විට ඒක ඔහුගේ ඇඟෙන් නික්මෙන්නේය. එසේය, දිලියෙන තුඩ ඔහුගේ පිතෙන් පිටවෙන්නේය; භීති ඔහු කෙරෙහි වන්නේය.
කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ, තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේගෙන් මැරුම් කනවා ඇත.
නාස්තිකාරයෝ කාන්තාරයේ සියලුම මුඩු කඳු පිටට පැමිණ සිටිති. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කඩුව දේශයේ එක කෙළවරක පටන් දේශයේ අනික් කෙළවර දක්වා විනාශකරන්නේය. මාංසමයවූ කිසිවෙකුට සමාදානය නැත.
අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
අශ්වයන් රථවල බඳින්න. අසරුවෙනි, යුද්ධ තොප්පි දමාගන නැගී සිටින්න; හෙල්ල මැදගන්න, යුද්ධසැට්ට හැඳගන්න.
නුඹ කෙසේ නිශ්චලවන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ අෂ්කෙලෝන්ටත් මුහුදුබඩටත් විරුද්ධව ඊට ආඥාවක් දී, එතනට ඒක පත්කළසේක.
සිත දියවීයන පිණිසත් පැකිලීම් වැඩිවෙන පිණිසත් ඔවුන්ගේ සියලු දොරටුවලට විරුද්ධව කඩුවේ භයානකකම මම නියමකෙළෙමි. අහෝ ඒක විදුලිය මෙන් ඔප් නගා, මරාදැමීමට තියුණුකර තිබේ.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:
ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.
මා විසින් මෙසේ ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන බැවින් මාංසමයවූ සියල්ලන්ට විරුද්ධව දකුණේ සිට උතුර දක්වා මාගේ කඩුව කොපුවෙන් පිටත්ව යනවා ඇත.
ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.