ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.
කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
ස්වාමිනි, නැගුටුණ මැනව, ඔහුට විරුද්ධව සිටිය මැනව, ඔහු පහත හෙළුව මැනව;
ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා.
එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව.
සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.
සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පව්කාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය.
අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!
මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.
ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අපට විරුද්ධව බැසඑන්නේ කවුද කියාත් අපේ වාසස්ථානවලට ඇතුල්වෙන්නේ කවුද කියාත් කියන්නාවූ, මිටියාවතෙහිද තලාවේ පර්වතයෙහිද වාසයකරන්නිය, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම නුඹලාගේ ක්‍රියාවල ඵල ලෙස නුඹලාට දඬුවම් කරන්නෙමි. මම ඇගේ කැලෑවෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඈ වටකර තිබෙන සියලු තැන් දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බලව, උඩඟුවූ තැනැත්ත, මම නුඹට විරුද්ධයයි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ දවස වන මා නුඹට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.
නුඹ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම නුඹ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;
එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,
තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජුගේ කඩුව එන්ට මාර්ග දෙකක් නියමකරගන්න; ඒ දෙකම එක දේශයකින් පැමිණෙන්නේය. අත් ලකුණක් තබන්න, නුවරට පැමිණෙන මාර්ග සන්ධියෙහි ඒක පිහිටුවන්න.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ලේ වගුරුවන නුවරට දුක්වේ! මමත් දර සෑය මහත්කරන්නෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා තීර්, මම නුඹට විරුද්ධව සිටිමි, මුහුදේ රැළ නැගී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි.
එබැවින්, බලව, මම නුඹටත් නුඹේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.
නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම, මමම පවා, නුඹට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.
මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.
මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.
යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි,
ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.
බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.
බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹේ කඩ නුඹේ මුහුණ පිට හෙළා, ජාතීන්ට නුඹේ නග්නකමද රාජ්‍යවලට නුඹේ ලජ්ජාවද පෙන්වන්නෙමි.
එම්බා කූෂ්වරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම්කන්නහුය.
එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.