Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 19:9

Sinhala Revised Old Version

ඔව්හු ඌට කොකු දමා කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝය; උගේ නාදය ඉශ්‍රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි යනුයි.

එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.

ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය.

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධව ඇවිත්, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේය.

නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.

ඌ ඔවුන්ගේ මාළිගා දැනගෙන, ඔවුන්ගේ නුවර නාස්තිකෙළේය; දේශයද එහි පූර්ණකමද උගේ නාදකිරීමේ ඝෝෂාවට පාළුවුණේය.

දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය.

තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්‍රායෙල් කඳුවලට අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න: ඉශ්‍රායෙල් කඳු, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.

මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න–




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්