Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 19:2

Sinhala Revised Old Version

නුඹේ මවු කවුද? සිංහධේනුවක්ය. ඈ සිංහයන් මැද ලැග්ගාය, තරුණ සිංහයන් අතරෙහිද ඇගේ පැටවුන් ඇතිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.

දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.

ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය,ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.

නුඹ වනාහි ඉශ්‍රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්න:

ඇගේ පැටවුන්ගෙන් ඈ ඇතිකළ එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.

මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.

එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය.

ඔහු දාන් ගැන කියනුයේ–දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්