එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි ඉශ්‍රායෙල් වංශය කියති. එම්බා ඉශ්‍රායෙල් වංශය, මාගේ මාර්ග සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ග නොවේද?
මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?
මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.
පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය යන උපමාව නුඹලා ඉශ්‍රායෙල් රට ගැන කියන්නේ මක්නිසාද?
එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ගවල් නොවේද?
ඔහු කල්පනාකොට තමා කළ තමාගේ සියලුම වරදවලින් හැරෙන නිසා ඔහු නොනැසී ජීවත්වන්නේමය.
එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එක එකා තම තමාගේ මාර්ගවල හැටියට විනිශ්චයකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. නුඹලා හැරී ඇවිත් නුඹලාගේ සියලුම වරදවලින් හැරෙන්න; එවිට අයුතුකම නුඹලාගේ පැකිලීමට කාරණයක් නොවන්නේය.