පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය යන උපමාව නුඹලා ඉශ්‍රායෙල් රට ගැන කියන්නේ මක්නිසාද?
දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි නුඹලා කියන්නහුය. ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.
ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
යූදාහි රජවූ හෙසකියාගේ පුත්‍රවූ මනස්සේ විසින් යෙරුසලමෙහි කළ දේ නිසා පීඩා විදීමට ඔවුන් පොළොවේ සියලු රාජ්‍යවලට භාරදෙන්නෙමි.
අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.
මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?
උපමා කියන සියල්ලෝ: මවු යම්සේද දුවත් එසේමය යන උපමාව නුඹ ගැන කියනවා ඇත.
මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.
ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
නුමුත්: ඒ කොහොමද? පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේ මක්නිසාදැයි නුඹලා කියන්නහුය, පුත්‍රයා යුක්තියද ධර්මිෂ්ඨකමද කොට, මාගේ සියලු පනත් පවත්වා, ඒවා කර තිබේ නම්, ඔහු සැබවින්ම ජීවත්වන්නේය.
මා ජීවමාන බව සැබෑවා සේම ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මේ උපමාව තවත් කියන්ට නුඹලාට නොලැබෙන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,
එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.
නුඹ ඔවුන්ට කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, එප්‍රායිම්ගේ අතේ තිබෙන යෝසෙප්ගේ ලීයද ඔහුගේ සමාගම්කාරයන් වන ඉශ්‍රායෙල් ගෝත්‍රද මා විසින් රැගෙන, ඒවා ඒකට, එනම් යූදාගේ ලීයට තබා, ඒවා මාගේ අතේ එකක් වෙන ලෙස ඒවා එක ලීයක් කරන්නෙමියි කියන්න.
මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.
සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.
නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?