එය උතුම් මිදිවැලක් වෙන හැටියට අතු ලියලා ඵල දරන පිණිස එය හොඳ බිමක බොහෝ වතුර ළඟ හිටවා තිබුණේය.
තවද මහත් පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් මහත් රාජාලියෙක් විය. එවිට ඒ මිදිවැල එහි මුල් ඔහු දෙසට හරවා, ඔහු ඒකට වතුර වක්කරන පිණිස, එය පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට දිගුකෙළේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එය සඵලවේද? එය වියළී යන පිණිස ඔහු ඒකේ මුල් උදුරා ඒකේ ඵල කපා නොදමන්නේද? වැඩෙන්නාවූ ඒකේ [අමු] කොළ සියල්ලම වියළී යනවා ඇත; ඒකේ මුල් පිටින් එය උදුරා දමන්ට මහත් හස්තයක්වත් බොහෝ සෙනඟවත් ඕනෑ නොවන්නේය.
ජලවලින් ඒක මහත්වී, ගැඹුරෙන්ද උස්වුණේය. ගැඹුරේ ගංගා එහි පාත්ති වටකර ගලා, එහි ඇළවල් වනයේ සියලු ගස් ළඟට පමුණුවනු ලැබීය.