Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 17:5

Sinhala Revised Old Version

ඔහු දේශයේ බීජයක්ද රැගෙන සාරවත් බිමක සිටෙවුවේය; ඔහු එය බොහෝ දිය ළඟ නළා ගසක් මෙන් එහි පිහිටෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය.

එබැවින් ඔව්හු සපයාගත් සම්පත්ද රැස්කර තබාගත් දේද නළාගස් ඔය ළඟට ගෙනයන්නෝය.

ඔවුන් වතුර ළඟ තෘණ මෙන්ද දිය ඔයවල් ළඟ නළා ගස් මෙන්ද වැඩෙනවා ඇත.

ඔබ ඔවුන් හිටෙවුසේක; ඔව්හු මුල් ඇද වැඩි ඵලදෙති; ඔව්හු කටින් ඔබට ළංව සිටින නුමුත් සිතින් ඔබගෙන් දුරුව සිටිති.

යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.

ඔහු රාජ වංශයේ කෙනෙක් ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු දිවුරවා, දේශයේ බලවන්තයන් ගෙනගියේය.

ඔහු ඒකේ මුදුන් රිකිලි කඩා, වෙළඳාමේ දේශයකට එය ගෙනැවිත්, වෙළඳුන්ගේ නුවරක එය සිටෙවුවේය.

ඒක වැවී පැතිරෙන්නාවූ මිටිවූ මිදිවැලක් විය; එහි අතු ඔහු දෙසට හැරී එහි මුල් ඔහු යටින් ඇද්දේය. මෙසේ ඒක මිදිවැලක් වී අතු ලියලා රිකිලි දැමුවේය.

ජලවලින් ඒක මහත්වී, ගැඹුරෙන්ද උස්වුණේය. ගැඹුරේ ගංගා එහි පාත්ති වටකර ගලා, එහි ඇළවල් වනයේ සියලු ගස් ළඟට පමුණුවනු ලැබීය.

ඒ නිසා එහි උස වනයේ සියලු ගස්වලට වඩා වැඩිවිය; දළුලන විට බොහෝ වතුර ලැබුණු නිසා එහි අතු වැඩිවී, එහි රිකිලිද දික්වුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්