නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.
ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.
මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.
සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් නුඹව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම නුඹට නින්දාකළ කාලයේදී මෙන්, නුඹේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,
මම නුඹලා පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. නුඹලාගේ ප්‍රථම කාලවලදී මෙන් නුඹලා පිට මිනිසුන් වාසයකරවා, නුඹලාගේ මුල් කාලවලට වඩා මම නුඹලාට යහපත කරන්නෙමි. නුඹලාද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.
එකල යූදාහිද යෙරුසලමේද පූජාව පුරාණ දවස්වලදීත් පළමු අවුරුදුවලදීත් මෙන් ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේය.