තවද මම නුඹ ඔවුන් අතට දෙන්නෙමි, ඔවුන් නුඹේ [වේශ්‍යා] මහල කඩාදමා, නුඹේ උස්තැන් හෙළාදමා, නුඹේ වස්ත්‍ර ලිහාදමා, නුඹේ අලංකාර ආභරණ රැගෙන නුඹ නිර්වස්ත්‍රකොට නග්නකරනවා ඇත.
එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.
එසේය, නුඹේ සියලු මාර්ග කොන්වල නුඹේ (වේශ්‍යා) මහල ගොඩනගා, සියලු වීථිවල නුඹේ උස්තැනක් සාදාගත්තෙහිය; පණයම් එපාකරන හෙයින් වේශ්‍යාවට නුඹ සමාන නූණෙහිය.
ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගළවාගෙන, නුඹේ අලංකාර ආභරණත් ගන්නවා ඇත.
ඔවුන් වෛරයෙන් නුඹ සමඟ ක්‍රියාකොට, නුඹේ වැඩේ ඵල සියල්ල හැරගෙන, නුඹ නග්නකොට හිස්කර යනවා ඇත. නුඹේ වේශ්‍යාකම්වල නග්නකමද නුඹේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.
නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;
ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.
නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.