ඒක සම්පූර්ණව තිබියදීවත් කිසි වැඩකට සුදුසු නොවීය. ඒක ගින්නට දාලාගොස් පත්තුවී තිබියදී සුදුසුවන්නේ කොහොමද? තවත් යම් වැඩකට ගනු ලැබේද?
නුඹලා ඒ දවස්වලදී දේශයෙහි වැඩිවී සශ්‍රීකවෙන කල, මනුෂ්‍යයන්: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියයයි තවත් කියන්නේවත්, ඒ ගැන සිහිවීමක් වන්නේවත් නැත. ඔව්හු ඒ ගැන සිහි නොකරන්නෝය; ඒක නැති බවත් නොදැනෙන්නේය; ඒක තවත් සාදනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බලව, ඒක දර පිණිස ගින්නට දමනු ලැබුවේය. එහි කොන් දෙක ගින්නෙන් දාලාගොස් මැදත් පත්තුවී තිබේ; ඒක යම් වැඩකට සුදුසුද?
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: වනයේ ලී අතරේ මුද්‍රික ලීත් මා විසින් ගින්නට දර පිණිස දී තිබෙන්නාක්මෙන් යෙරුසලමේ වැසියන් දෙන්නෙමි.