Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 14:18

Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්ද දූවරුන්ද ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක් ගැළවෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය ඇත්තාවූ ප්‍රොපේතවරු නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙත් යූදාහි රජුගේ ගෘහයෙත් යෙරුසලමෙත් ඉතුරුව තිබෙන භාණ්ඩ බබිලෝනියට ගෙනනොයන ලෙස සේනාවල ස්වාමීන්වහන්සේට කන්නලව්කරත්වා.

මා විසින් ඔවුන් ජාතීන් අතරට පන්වා, දේශවල විසිරෙවු කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

නෝවාද දානියෙල්ද යෝබ්ද යන මේ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් තමුන්ගේම ප්‍රාණ පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයන්වත් දූවරුන්වත් ගළවාගන්නේ නැතුව ඔවුන් පමණක්ම ගැළවෙනවා ඇත, දේශයද පාළුවක් වෙනවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීයේය.

නොහොත් මා විසින් කඩුවක් ඒ දේශයට විරුද්ධව පමුණුවා: කඩුව, දේශය මුළුල්ලෙහි යවයි කියා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,

නොහොත් මා ඒ දේශයට වසංගතය යවා එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳ දැමීමට ලේ වැගිරවීමෙන් මාගේ කෝපය ඒක කෙරෙහි වගුරුවන විට,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්