නුඹ ඔවුන් බලාසිටියදී භිත්තිය හාරා, එයින් බඩු පිටතට ගෙනියන්න.
එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය.
ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති.
නුඹේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.
නුඹ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට ලකුණක් පිණිස නුඹ තැබීමියි කීයේය.