ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
ඔහු: ඊගස් ගන්නැයි කීවේය. ඔහු ගත්විට: බිම ගසන්නැයි ඔහු ඉශ්‍රායෙල් රජුට කීවේය. ඔහු තුන් වරක් ගසා නැවතුණේය.
ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න;
මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්‍රායෙල් වංශය–නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද?