එකිනෙකාට මුහුණු සතරක් විය. පළමුවෙනි මුහුණ කෙරුබ් මුහුණය, දෙවෙනි මුහුණ මනුෂ්‍ය මුහුණය, තුන්වෙනි එක සිංහ මුහුණය, සතරවෙනි එක රාජාලි මුහුණය. කෙරුබ්වරුද ඉහළට නැංගෝය.
එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ් රූපද වූහ; සන්ධි පිටත් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය.
ඔහු ඒකේ අත්වල ලෑලිවලද ඒකේ පනේලවලද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූපද සිංහ රූපද තල් ගස්ද කැටයම්කළේය; වටේට මාලාද තිබුණේය.
ඒ රෝදවලට කරකැවෙන චක්‍රයයි නම් තබනවා මට ඇසුණේය.
එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.
එනම් එක පැත්තක තල්ගහ දෙසට මනුෂ්‍ය මුහුණක්ද අනික් පැත්තෙහි තල්ගහ දෙසට තරුණ සිංහ මුහුණක්ද තිබුණේය. වටකරම මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේය.
පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය.