ඒ සත්වයන්ගේ ස්වරූපය මෙසේය: ඔවුන්ගේ පෙනීම ඇවිළෙන ගිනිඅඟුරු මෙන්ය, පන්දම්වල පෙනීම මෙන්ය; ගින්න සත්වයන් අතරේ එහා මෙහා ගියේය. එය දීප්තිමත්ව තිබුණේය, ඒ ගින්නෙන් විදුලි නික්මුණේය.
තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.
උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය.
උන්වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කථාකොට: නුඹ කෙරුබ්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුල්වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන, නුවර පිට විසුරුවන්නැයි කීසේක. ඔහු මා ඉදිරියෙහි ඇතුල්වුණේය.
මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය.
ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.
දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;
ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය.
සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය;