Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 9:23

Sinhala Revised Old Version

එවිට ෂෙම් සහ යඵෙත් වස්ත්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්නභාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

කානාන්ගේ පියාවූ හාම් තමාගේ පියාගේ නග්නභාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය.

නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත්‍රයා තමාට කළ දේ දැනගත්තේය.

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.

පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.

එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.

සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.

මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද,

යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.

සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.

සහෝදර සමාගමට ප්‍රේමකරන්න. දෙවියන්වහන්සේට භයවෙන්න. රජ්ජුරුවන්ට ගෞරවකරන්න.

ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්