නුඹද නුඹ සමඟ නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයෝද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට එන්න.
ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය.
එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට:
නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක.
දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.
මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.
නුඹ ගැන වනාහි නුඹේ ගිවිසුමේ ලේ නිසා නුඹේ හිරකාරයන් වතුර නැති වළෙන් පිටත යැවීමි.
ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.
මෝසෙස් විසින් යෝෂුවාට අණකළ සියල්ල ලෙස සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ සියලු දෙය කෙළවර වන තෙක් ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයෝ යොර්දාන මැද නැවතී සිටියෝය. සෙනඟද ඉක්මන් කර මෙතරට ආවෝය.