ඵාරාවෝද: නුඹේ පියා නුඹ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.
මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.
එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද