යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.
ආබ්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි.
යාකොබ් මිසර දේශයෙහි දහහත් අවුරුද්දක් ජීවත්ව සිටියේය. මෙසේ යාකොබ්ගේ ජීවිතයේ අවුරුදු ගණන එකසිය සතළිස් සතක් විය.
යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය.
යෝසෙප්ද ඔහුගේ පියාගේ වංශයද මිසරයෙහි වාසයකළෝය. යෝසෙප් එකසිය දස අවුරුද්දක් ජීවත්ව
යෝසෙප්ද ඔහුගේ සියලු සහෝදරයෝද ඒ මුළු පරම්පරාවද මළෝය.
මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.