Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 50:2

Sinhala Revised Old Version

පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.

යෝසෙප් තමාගේ පියාගේ මුහුණ මතුයෙහි හඬ හඬා ඔහු සිඹගත්තේය.

යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.

ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.

ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය.

ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය.

සබත් දවස පසුවූ කල මග්දලායේ මරියාද යාකොබ්ගේ මවුවූ මරියාද සලෝමිද ඇවිත් උන්වහන්සේ ආලේපකරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලේට ගෙන,

නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්,

එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්